දෙකේ කාසි -
Deke Kasi
"කාසි සද්ද කරාට නෝට්ටු සද්ද නෑ මල්ලි" වගේ කියමන් අපි අහල තියෙනවා. ඒවයෙන් තේරෙනවනෙ කාසි වලට තියෙන තැන
ඒ කොහොම වුනත් ඔය මොන නෝට්ටුවටත් වැඩිය දෙකේ කාසිය වටින කාලයක් අපි පහුකරා. ඒ තමයි ඉස්කෝලෙ හොස්ටල් එකේ හිටපු කාලෙ
හොස්ටල් එකට රැහැන් දුරකථනයක් තිබුනා. හැබැයි Outgoing නෑ. ළමයි 150කට විතර Calls එන්නෙ ඔය තනි Phone එකට. ඒ නිසා ඒක ඉතාම කාර්යබහුලයි
ඉතිං අපි ගෙවල්වලට Call කරන්න පාවිච්චි කරේ ඉස්කෝලෙ තැන තැන හයිකරලා තිබුන කාසි දාන දුරකථන. ඒවට දාන්න පුළුවන් දෙකේ කාසි විතරයි. පරණ රුපියලේ කාසිත් වැටෙනවා සමහර වෙලාවට
හොස්ටල් ජීවිතේ පොඩි කාලෙදි අපිට තියෙන එකම සන්තෝසෙ තමයි ගෙදරට කතාකරන එක. ඒ නිසා අපි ගෙදර ගිහින් එන වෙලාවට පුළුවන් තරම් දෙකේ කාසි ගේනවා. ඒත් මදි වෙනවා. එතකොට රුපියල් දහයෙ විස්සෙ කොල අරගෙන ගිහින් කැන්ටිමෙන් මාරු කරගන්න බලනවා
යාලුවන්ට කොල දීලා ඒවා කාසිවලට මාරු කරගන්නවා. සමහර වෙලාවට ඉස්කෝලෙට එන දෙමව්පියන්, Security අංකල්ලා, Ground staff, Cleaning staff වගේ ඕනෙම කෙනෙක්ගෙන් අපි දෙකේ කාසි ඉල්ලගන්න ලැජ්ජා වුනේ නෑ. මොකද දෙකේ කාසි අපිට ඒ තරමට වැදගත්
මේ කාසි දුරකථන නිතරම කැඩෙනවා. කාසි පිරෙන නිසා වෙන්න ඕනෙ. අපි මුලින්ම Call එකක් ගන්න Try කරන්නෙ Hostel එකේ හයිකරලා තියෙන Phone එකෙන්. ඒක වැඩ නැත්තං ප්රාථමික අංශයේ එකෙන්. ඒකත් කැඩිල නම් උසස්පෙළ පැත්තෙ එකෙන්. ඒකත් කැඩිල නම් තමයි ප්රභාත් කඩේ එහාපැත්තෙ තිබ්බ Communication එකට හොරෙන් පනින්නෙ. ඒකෙන් ගත්තම විනාඩියට Rs.15ක් විතර ගෙවන්න ඕනෙ 
රුපියල් දෙකේ කාසි 2ක් දැම්මම අපිට Call එක ගන්න පුළුවන්. එතන ඉඳන් කතා කරන කාලය වැඩි කරගන්න නම් Cut වෙන්න ළං වෙද්දි තව දෙකේ කාසිය බැගින් දාන්න ඕනෙ. තිබුන කාසි ගානෙන් Call එක ඉවර කරගන්න බැරිවුනාම අපි ඊළඟට Call එක ගන්න පෝලිමේ ඉන්න යාලුවගෙන් රුපියල් දෙකක් ඉල්ලගන්නවා
ඉල්ලගන්න කවුරුහරි නොහිටියොත්...

No comments:
Post a Comment