Search Here

Most Popular Post

Wednesday, 22 September 2021

මං එනකල් බොන්න එපා

මං එනකල් බොන්න එපා - Man Enakal bonna epa

මගේ මතකය ඇදී යනවා හොස්ටල් ජීවිතේ එකෝමත් එක දවසකට.
අපි 'ඩෝම් එක' කියලා හඳුන්වන්නේ අපේ නිදන ඇඳන් තියෙන දිග හෝල් එකට. අපිව වයස අනුව බෙදලා වෙන වෙනම ඩෝම්ස්වල තමයි දාලා තිබ්බෙ. එතකොට එක වයසෙ සෙට් එකම හිටියෙ එක ඩෝම් එකේ.
ඔය විදියට මම හිටපු ඩෝම් එක තිබ්බෙ දෙවෙනි තට්ටුවේ. හැබැයි මගේ පාඩම් කරන මේසය තිබ්බේ තුන්වෙනි තට්ටුවේ කොරිඩෝවක.
දවසක්...
වෙනදා වගේම පාඩම් කරන්න කියලා ගියපු මට දකින්න ලැබුනේ මගෙ පොත් මේසෙ උඩ තිබුන ක්රීම් සෝඩා බෝතලයක්. අලුත් වීදුරු බෝතලේ ලේබල් එකත් අලුත්ම පාටයි. ටොනික් මූඩිය ගලවලා නැවත සවිකර ඇතිබව මං දැක්කා.
හැබැයි බීමවල උඩම ටිකේ ලාවට තිබුන පෙන සහිත ස්වභාවය නිසා කෝකටත් මං මූඩිය ඇරලා සුවඳ බැලුවා.
හම්මාහ් සුවඳ...
කවුරුහරි හිස් ක්රීම් සෝඩා බෝතලයකට මූත්රා කරලා මගේ පොත් මේසෙ උඩ තියලා ගිහිං කියලා මට වැටහුනා.
කවුද යකෝ මේ කැත වැඩේ කරේ? මට යකා නැග්ගා. ශුවර් එකට අපේ එකෙක් වෙන්න ඕනෙ. හොයාගන්න ඕනෙ ඕකව කියලා බෝතලේ මූඩියත් වහලා, ඩෝම් එකට යන්න හැරුනා විතරයි...
ආහ් යසස් අයියාහ්...තනියම ක්රීම් සෝඩා බොන්න වගේ නේහ්???
පොඩි ඩෝම් එකක මල්ලි කෙනෙක් කොරිඩෝව දිගේ මගෙ පැත්තට එමින් ගමන් එහෙම කිව්වා.
හරි උඹටත් දෙන්නම්... මං ටක් ගාලා අපේ ඩෝම් එකට දුවලා එනකල් මෙතනම හිටපං...
හැබැයි...
"මං එනකල් බොන්න එපා"
මං ඒ මල්ලිට කිව්වා
ඩෝම් එකට ගිහින් විනාඩියෙන් ආපහු පොත් මේසෙ පැත්තට එන මට දකින්න ලැබුනේ කොරිඩෝවේ සිට එළියට කෙල ගසමින් ඔක්කාර තත්වයෙන් අපහසුවෙන් පසුවුන අර මල්ලිව
මොනවා...😲
දැන් විනාඩියකට කලිනුත් හොඳට හිටියනෙ මූ
මේසය උඩ ක්රීම් සෝඩා බෝතලය තැබූ ලෙසම තිබුණි. නමුත් උගුරක් පමණ අඩු වී ඇතිබව මම නිරීක්ෂණය කළෙමි.
මල්ලියෙ මං උඹට කිව්වා...
"මං එනකල් බොන්න එපා"

No comments:

Post a Comment

Recent Post

ඩ්‍රැකියුලා

ඩ්‍රැකියුලා - Dracula මුලින්ම කියන්න ඕනෙ ඔබ අති සංවේදී අයෙකු නම් මේ කතාව කියවන්න එපා මේක වසර 2000 අග භාගයෙදි අපේ පාසල් නේවාසිකාගාරයේදි සිදු...