අදත් පසුගිය දින දෙකෙත් මට ඇමතුම් ගොඩක් ආවා ගොඩ දෙනෙක්ගෙන්.
සමහර අය කතාකරේ Curfew නිසා අසරණ වෙලා ඉන්න මිනිස්සු ටිකක් බලලා ඉක්මනින් වියලි සලාක ටිකක් බෙදාගන්න සහයෝගයක් ගන්න.
තවත් අය කතා කරා IDH රෝහලේ හිරවෙලා ඉන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ගෙවල්වලට යවන්න ආහාර මල්ලක් හදාගන්න පුළුවන්ද බලන්න.
එක මහත්මයෙක් එයාගෙ පුද්ගලික මුදලින් කොරෝනා වලින් ආරක්ෂා වෙන විදිය ගැන අත් පත්‍රිකා ගහලා අපිට ගෙනත් දුන්නා මිනිස්සුන්ට බෙදන්න.
Staff එකේ දුර ඉන්න අයට ගෙවල්වලින් ලොකු බලපෑමක් කරනවා ගෙවල්වල එන්න කියලා. සාධාරණ බයක් ඇති දෙමව්පියන්ට. ඒත් ඒ අය දන්නවා එයාලා ගියොත් මේ පැය හතරකින් අපිට මිනිස්සුන්ට අවශ්‍ය කරන දේවල් දීගන්න බැරිවෙන බව. ඒ නිසා කිසිම විශේෂ ඉල්ලීමක් නොකරම එයාලා ගෙදර නොගිහින් වැඩ කරන්න තීරණය කරලා.
මිනිස්සු කරාමෙ අල්ලන්න පොඩ්ඩක් මැලිවෙන නිසා Arpico එකේ Technician කෙනෙක් මෙන්න මේ පහලින් තියෙන විදියෙ කකුලෙන් පෑගුවම වතුර එන පැඩල් Tap එකක් නිපදවලා තිබුනා.

No comments:
Post a Comment