සමාජ විශ්ලේෂණයක් - Samaja Wishleshanayak
කාලෙක ඉඳන් මට හිතිලා තිබුනා අපේ රටේ ජනතාවගේ සමාජ මාධ්ය හැසිරවීම සහ ඔවුන් දරන දේශපාලන මතය අතර සහසම්බන්ධතාවයක් ඇත්දැයි න්යායාත්මකව පරීක්ෂා කරලා බලන්න
ඒ අනුව මං අහඹු ලෙස තෝරාගත්තා ක්රියාශීලි Facebook ගිණුම් 250ක්. පසුව ඔවුන්ගේ මෑත අවුරුදු 2ක දත්ත මං විශ්ලේෂණයට ලක් කරා.
1. Content creating (තමාගේම මතයක් පලකිරීමක්/ නිර්මාණයක්/ චායාරූපයක් වගේ දේවල්)
2. Sharing (Facebook pages හරහා නිර්මාණය කරදෙන දේශපාලනික දෙයක්/ Comedy image එකක් ආදිය Share කිරීම්)
ඉහතින් දැක්වූ Point no:2 - Sharing කියන කරුණ අනුව මං මේ නියැදිය තවත් කොටස් 2කට වෙන් කරා
1. Share කිරීම් ප්රමාණය තමාගේ මුලු Post ප්රමාණයෙන් 80%ට වැඩි අය - 84.5%යි
2. Share කිරීම් ප්රමාණය තමාගේ මුලු Post ප්රමාණයෙන් 80%ට අඩු අය - 15.5%යි
විශ්ලේෂණ ප්රථිපල අනුව අන්තිමේදි මට මෙන්න මේ සම්බන්ධය ගොඩනගාගන්න පුළුවන් වුනා
එනම් Share කිරීම් ප්රමාණය මුලු Post ප්රමාණයෙන් 80%ට වැඩි, ඉහත 84.5%හේ FB Segment එක 100 දෙනෙකු ලෙස සැලකුවහොත්,
එයින් 91.4% ක්ම යම්කිසි දේශපාලකයෙකු හෝ දේශපාලන පක්ශයක මතයක් නියෝජනය කරන බවයි
වැඩිදුර තොරතුරු සඳහා පළමු Comment එක කියවන්න

No comments:
Post a Comment