Search Here

Most Popular Post

Friday, 10 September 2021

The story of Country mouse & City mouse

 The story of Country mouse & City mouse

"ගමේ මීයාගේ සහ නගරයේ මීයාගේ කතාව"
එකෝමත් එක රටක යාලුවො දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් ගමේ. ඒ නිසා එයාට Country mouse කියමු. අනිකා නගරේ. ඒ නිසා එයාට City mouse කියමු
ඉතිං මේ Country mouse ගියෙත් නගරයේ පාසලකටලු. ඉතිං City mouse කියන්නෙ එයාගෙ අතිජාත පාසල් මිත්රයෙක්ලු
2005දි ලොකු විභාගෙකට එහෙම ලියලා, වෙනසකටත් එක්ක දෙන්නම Country mouse ලගෙ ගෙදර ගියාලු. පොඩි කාලෙ ඉඳන් නගරයේම ජීවත්වුන City mouse, මේ පළවෙනි වතාවටලු නගරයෙන් පිට දින කීපයක් ගෙවන්න ගියේ
Country mouseගෙ අම්මා අප්පච්චි බොහෝම ආදරෙන් City mouseව පිළිගත්තලු. ඉස්තරම් විදියට ගමේ කෑම බීම වලින් සංග්රහ කරාලු
බොහෝම සතුටට පත්වෙච්ච City mouseට හිතුනලු Country mouseගෙ ගෙදර කට්ටියටත් සංග්රහයක් කරන්න ඕනෙ කියලා. ඉතිං ඒ වෙද්දි ගම ගැන ලොකු අවබෝධයක් නොතිබුන City mouse මෙන්න මෙහෙම කිව්වලු
"අද රෑට කට්ටියටම මං ගානේ පීට්සා. මචං අපි හන්දියට ගිහිං ගේමු"
හැබැයි නගරයේදී හන්දියක් හන්දියක් පාසා තියෙන පීට්සා සැල්, ගමේදි හූ 100ක දුරින්වත් නොතිබෙන බව City mouse දැනන් හිටියෙ නැතිලු. ඒ වගේම Country mouseගෙ පළාතෙ උදවිය "Town එක" කියලා හඳුන්වන තැනට තමයි City mouse "හන්දිය" කිව්වෙ කියලත් City mouse දැනන් හිටියේ නැතිලු 😃
දින, සති, අවුරුදු කාලය ගෙවිල ගියාලු. Country mouseගෙ පවුලේ උදවිය තාමත් මේ සිද්ධියයි City mouseවයි ආදරෙන් මතක් කරනවලු
City mouse අද දක්ශ වෛද්යවරයෙක්ලු. ඌ අද ජීවත් වෙන්නෙ ගමේලු
එතකොට Country mouse?
Country mouse අද ජීවත් වෙන්නෙ නගරයේලු. ඌ දැන් Key pad එක ඔබමින් මේ කතාව ලියනවලු.
Story tributes to දොස්තර හොඳහිත Uvindu Weerasena ❤️
One of the best friends ever

No comments:

Post a Comment

Recent Post

ඩ්‍රැකියුලා

ඩ්‍රැකියුලා - Dracula මුලින්ම කියන්න ඕනෙ ඔබ අති සංවේදී අයෙකු නම් මේ කතාව කියවන්න එපා මේක වසර 2000 අග භාගයෙදි අපේ පාසල් නේවාසිකාගාරයේදි සිදු...