සංස්කෘතිය - Sanskruthiya
සේවක මහත්මයෙකුගේ මව හදිසියේ මියයනවා. මමත් ඉස්ලාම් භක්තික යාලුවෙකුත් මළගෙදර යනවා
අර සේවක මහත්මයා මළගෙදර ඇවිත් හිටපු අයට හරි හරියට තේ සහ බිස්කට් බෙදමිනුයි හිටියේ. අපිව දැකපු ඔහු, අපේ ළඟට ඇවිත් අපිටත් සංග්රහ කරනවා
දැන් එයාගෙ අම්මා නේද මේ නැතිවෙලා ඉන්නෙ? තේ අල්ලලා පිටව යන සේවක මහතා පෙන්නලා අර යාලුවා මගෙන් අහනවා
ඉතිං එයාගෙ අම්මා නැතිවෙලා දුකෙන් ඉන්න වෙලාවෙ එයා ඇයි අපිට සංග්රහ කරන්නෙ??? අපි නෙවෙයිද මේ වෙලාවෙ එයාලට සංග්රහ කරන්න ඕනෙ???
දීපල්ලකො උත්තර
සංස්කෘතියෙන් උරුම වූ පමණින් ඒ දේවල්ම ඉස්සරහට කරගෙන යන්න ඕනෙ කියලා දෙයක් නෑ. කොවිඩ් අත්දැකීම් වලින්හරි අපේ මේ මළගෙවල් කෙරුවාව වෙනස් කරගන්න ඕනෙ
මුස්ලිම් සහෝදරයා,
උඹ හරි. හරියටම හරි 

No comments:
Post a Comment