තමරා ටීචර් - Thamara Teacher
ට්රෑං.......
සීනුව නාද වුනා
දැන් තියෙන්නෙ Accounting
ටීචර් එදා දැක්කෙ කලු ලෑල්ලෙ ලොකු අකුරෙන් ලියපු ලස්සන කවියක්
"බෑ කියද්දිත් අපිව වද දිදී ඇදන් යයි...
මතක් වෙනකොටත් දැන් මගෙ ඇඟේ කටු ඇනෙයි...
Accounts අපායේ කටු ඉඹුල වී පෙනෙයි...
තමරා මිස් යම රජුගෙ බිසවදෝ මට සිතෙයි..."
ගත්තා හෑන්ඩ් බෑග් එකයි පොත් මිටියයි. ටීචර් හැරෙන තැපෑලෙන් ආපහු Staff room එකේ
ඊළඟ ජවනිකාව බලාපොරොත්තුවෙන් අපි විනාඩි දෙකක් කල් මැරුවෙමු
දුමාරය අතරින් රෙස්ලින් පිටියට පිවිසෙන රැන්ඩි ඕටන් මෙන්, කලබල නැති සුපුරුදු ගමනින් අපේ පන්තිභාර චන්දන සර් Chandana Jayasooriya පන්තියට ආවා. 'රැන්ඩි' කියන ආදරණීය නමින් ඔහුව හඳුන්වන්නේ ඔහුගේ පහරවල් ගැන අපි කවුරුත් හොඳින් හඳුනන නිසයි
තෝ තමයි මේකෙ කවි ලියන එකා...
ජෝතිගේ Harith Asanka කොලරයෙන් ඔසවා විදුලි සැර වන් පහරක් කන හරහා එල්ල කරන ලදි
චටා.....ස්
පව් අහිංසක ජෝති. කවි සින්දු ලිවීමේ හැකියාවක් ඇති ශිෂ්යයෙක් විදියට ඉස්කෝලෙ ජනප්රියත්වයක් ජෝතිට තිබ්බා. හැබැයි තමරා ටීචර්ගෙ කවිය ලිව්වෙ නම් ජෝති නෙවෙයි
එහෙනම් කවුද?
ඒක ලිව්වෙ අපේ අවුරුද්දෙ වාණිජ අංශයෙන් ඉස්කෝලෙ හොඳම ප්රතිඵලය වාර්තා කරපු බැපා Hiran Baptist. ඔහු වරද පිළිගත්තා. හැබැයි ජෝතිට ගහපු කනේ පාර දැන් රිවස් කරන්නද 
ජෝති, බැපා සහ පන්තියෙ හැමෝම එකතු වුනාම තාමත් මේ රස මතක කතා බහ කරනවා
අවසානෙට කියන්න තියෙන්නෙ මේකයි
තමරා ටීචර්/ චන්දන සර්,
ඒ කාලෙ උගන්නන ඒවා අපිට කටු ඉඹුල වගේ පෙනුනට, දැන් තේරෙනවා ඔයාලා එහෙම නොකල නම් අද අපි ඇත්තටම අපායෙ කියලා
සියලුම ගුරු මෑණියන්ට පියවරුන්ට පිං!!!
No comments:
Post a Comment