ගනේගම ටීචර් - Ganegama Teacher
පොත් ටිකයි හෑන්ඩ් බෑග් එකයි අරන් ගනේගම ටීචර් පන්තියට ආවා. 7 වසරෙ හිටපු අපි "ආයුබෝවන් ටීචර්" කියලා සද්දෙට කියලා වාඩිවුනා
එක ළමයෙක් ප්රවෘත්ති කියන චරිතයක් එහෙම කරා හරිම ලස්සනට"
ටීචර් කියාගෙන යනවා විස්තරයක්
දැන් ඔය නාට්යයේ මමත් රඟපෑවා. ප්රවෘත්ති කියන චරිතෙ කරේ මම. ළමයි කවුරුත් ඒක දන්නෙත් නෑ. ටීචර් නාට්ය බලන්න ආවා කියලා මං දැනගෙන හිටියෙත් නෑ. මට දැන් ටීචර්ට කියාගන්නත් ඕනෙ "ටීචර් ඒ මම" කියලා 
ඕක වුනේ මෙහෙමයි
ඉස්කෝලෙ උත්සවයකට පෙන්නන්න කියලා අපේ වික්රම සෙනෙවිරත්න සර් (හත්පන-කිරිහාමි) Wickrama Seneviratne නාට්යයක් හැදුවා. සර් ඒකට තෝරගත්තෙ හොස්ටල් එකේ ළමයි ටික. මටත් පොඩි කෑල්ලක් දුන්නා රඟපාන්න
බෙරයක් කරේ එල්ලගෙන, අර ප්රවෘත්ති වලට කලින් යන පප්පා පප්පා පපර පපර...ගාන සද්දෙ කටින් දාලා ප්රවෘත්තියක් කියන්න තමයි තිබුනෙ මට
සර් අපිට කිව්වෙ මේක මේ පොඩි නාට්යයක් පුතා ඉක්මනින් පුරුදු වෙලා අපි කරමුකො කියලා 
බලද්දි මේක කරන්න තිබුනෙ මලලසේකර හෝල් එකේ. Stage එකට ගියාම Houseful Audience එක දැක්කම චූ යන්න වගේ ආවා අද වගේ මතකයි
අම්මෝ ආයෙ නම් රඟපාන්නෙ නෑ...
එදා ඔහොම හිතපු මට, පහුවෙනිදා ගනේගම ටීචර් පන්තිය ඉස්සරහ මෙහෙම කියද්දි අවා පොඩි කික් එකක්. එතනින් පස්සෙ මට ඔය සභාවක් ඉස්සරහට යන එක එච්චර ලොකු දෙයක් වුනේ නෑ
ඊටපස්සෙ අවුරුද්දෙ ඉස්කෝලෙ හොස්ටල් එකේ මට "Best Actor" සම්මානයක් හම්බුනා. ඒකෙ මං රඟපෑවෙ සුප්පයියා සතාසිවම් කියලා ද්රවිඩ දේශපාලකයෙක්ගෙ චරිතය. මගේ ප්රතිවාදියා Milan Madushanka Rodrigo රඟපෑවා කරුප්පයියා සීනිවාසගම් කියන චරිතය 
ගනේගම ටීචර්ට අවුරුදු 20කට පස්සෙ මං මේ සිද්ධිය මතක් කරා. ටීචර්ට මතක නෑ
හැබැයි එදා පන්තිය ඉස්සරහ අර කතාව කියද්දි, ඒ නාට්යයේ රඟපෑවෙ මම කියලත් ඒ වෙලාවෙ පන්තිය මැද්දෙ පුංචි පුටුවක මං වාඩිවෙලා ඉන්නවා කියලත් ගනේගම ටීචර් දැනගෙන හිටියා 

No comments:
Post a Comment