Search Here

Most Popular Post

Thursday, 17 September 2020

අතිශයෙන්ම ප්‍රමාද වූ ස්තූති කතාවක්

 "අතිශයෙන්ම ප්‍රමාද වූ ස්තූති කතාවක්" - athishayenma pramadawuu sthuthi kathawak

මේ කතාව ලියන්නෙ අවුරුදු 15කින්වත් ළඟින් ආශ්රය කරල නැති Lahiru Dissanayake කියන යාලුවා සහ කවදාකවත් මුණගැහිල නැති ඔහුගේ අම්මාට උපහාරයක් විදියට.
ලොකු ඉස්කෝලවලට ගියාට අපි එක්තරා කාලයකදි දුෂ්කරතා ගොඩක් මැද්දෙ නේවාසික ජීවිත ගතකරමින් ඉගෙනගත්ත ශිෂ්යයො. ඉතිං ඔය කියපු දුෂ්කරතා වලින් ප්රධානම එකක් තමයි ගෙදර අම්මගෙ බත් එක අහිමි වීම සහ ඒ වෙනුවට Hostel එකේ ඇල්පේනිස් අංකල්ගෙ එකසිය පනහකට විතර එකපාර උයන කෑමවලට සීමාවෙන්න වෙච්ච එක. එහෙමයි කියලා ඇල්පේනිස් අංකල්ගෙ කෑම පහත් කරලා කතා කරන එකත් අසාධාරණයි. මොකද ක්රීඩාවෙන්, බාහිර ක්රියාකාරකම් වලින්,අධ්යාපනයෙන් වගේම හැම වැඩකදිම පාසැල් නේවාසිකයො ඉස්කෝලෙ නම උඩින්ම රැන්දුවෙ ඔය බත් එක කාලා තමයි.
පරිප්පු දීසියෙ පරිප්පු ඇට ටිකක් හොයාගන්න හැන්ද දීසිය දිගේ අතුල්ලගෙන ඇවිත් පරිස්සමට ගැට්ටෙන් උඩට ගන්න ඕනි. ඒ චාන්ස් එකත් මුලින් දීසිය අහුවෙන එකාට විතරයි. තුන් වේලටම ඒ කියන්නෙ අධික මාත්රාවෙන් අවුරුදු ගානක් පරිප්පු කෑමට සිද්ධ වෙච්ච නිසා අදටත් මං පරිප්පු කන්නෙ නෑ.
අපි ඉස්සර ආසම දවස් 2ක් තිබ්බා. එක තමයි බදාදා. මොකද හැම සතියෙම බදාදා රෑ Chicken සමඟ රස කෑම එකක් ලැබෙනවා. අපි කොච්චර ආසාවෙන් ඒකට බලන් ඉන්නවද කියනව නම් Hostel එකේ කෑම වෙලාවට ගහන්න බෙල් එක උස්සලා අතට ගද්දි ඇහෙන චූටි "ටිලිං" සද්දෙට අපි තුන්වෙනි තට්ටුවෙ Study room එකේ ඉඳන් පහලම තට්ටුවෙ Dining room එකට පොරකාගෙන දුවනවා ඇතුලට යන පෝලිමේ ඉස්සරහ තැනක් අල්ලගන්න 😂
අනිත් දවස ඉරිදා. ඒ මොකද Weekend එකේ ගෙදර ගියපු යාලුවො ගෙදරින් බත් එකකුත් ලොකුවට බැඳගෙන එන්නෙ ඉරිදට. දන්නවනෙ ඉතිං කෑම එකට වෙන දේ 😂
ඉස්කෝලෙ දවස්වල ගෙවල්වල ඉඳල එන ගොඩක් යාලුවො අපිත් එක්ක එයාලගෙ කෑම එක බෙදාගෙන කනවා. ගෙදරින් කාලම එපාවෙලා ඉන්න යාලුවො අපිට බත් එක දීලා උන් කැන්ටිමෙන් කනවා. මේ විදියෙ ඉතාම කාරුණික යාලු මිත්රයො ගොඩක් හිටියා නම් වශයෙන් කියන්න බැරි තරම්. හැබැයි ඒ අතරින් මට අමතක කරන්නම බැරි මිත්රයෙක් තමයි අපිත් එක්ක O/L පන්තිවල එකට හිටපු ළහිරු. මිනිහා ඉස්කෝලෙ ආවෙ ඇහැලියගොඩ ඉඳන්. හැමදාමත් නොවරදවාම කෑම පාර්සල් දෙකක් ගේනවා. එකක් මට. ඒ කාලෙ මං කරේ Thank you මචං කියල කෑම එක කාපු එක විතරයි. එතනින් එහාට දෙයක් හිතුනෙ නෑ.
හැබැයි මට ඉස්කෝලෙන් Out වෙලත් සෑහෙන කාලෙකට පස්සෙ මේක නිතරම මතකයට එන දෙයක් වුනා. ඇහැලියගොඩ ඉඳන් Colombo-10 එන්න මේ යාලුවා අඩු තරමෙ උදේ 5ටවත් එහෙන් එන්න ඇති. උදේ 5 වෙද්දි කෑම හදලා පාර්සල් බැඳලා දෙන්න ඒ අම්මා හැමදාමත් උදේ 4ටවත් හැමදාම අවදි වෙන්න ඇති කියන එක මට නිතරම මතක් වුනා. ඒ නිසා කාලෙක ඉඳලා මං උත්සාහ කරා යාලුවවයි අම්මවයි සම්බන්ධ කරගෙන යම් දානමය කටයුත්තක් කරන්න. ඔහුගේ කාර්යබහුලත්වය නිසා හැමදාමත් ඒ වැඩේ කල්යන නිසා මං හිතුවා ඔහුටත් මං කිසිදාක දැකලා නැති ඔහුගේ අම්මාටත් උපහාරයක් විදියට මේක ලියන්න.
මචං ළහිරු,
අම්මා හැමදාම කෑම එකක් එවපු ළමයා කිසිම උපකාරක පන්තියකට නොගිහින් A-10ක් ගත්ත බව අම්මට කියපං. ඒ කාලය පුරාම උඹ අතේ හැමදාම එවපු කෑම එක ශක්තියක් වුන බවත් ඒකට ඌ හැමදාමත් පිං දෙන බවත් අම්මට කියපං.
-යසස්-

No comments:

Post a Comment

Recent Post

ඩ්‍රැකියුලා

ඩ්‍රැකියුලා - Dracula මුලින්ම කියන්න ඕනෙ ඔබ අති සංවේදී අයෙකු නම් මේ කතාව කියවන්න එපා මේක වසර 2000 අග භාගයෙදි අපේ පාසල් නේවාසිකාගාරයේදි සිදු...