Search Here

Most Popular Post

Tuesday, 1 December 2020

පියුම් අනුරාධ

"පියුම් අනුරාධ"- Piyum Anuradha
පියුම් කියන්නෙ අපිත් එක්ක 12-13 පන්තිවල හිටපු යාලුවෙක්. උගෙ නම ඌට කොච්චර ගැලපෙනවද කිව්වොත් පියුම් හැමදාමත් පියුමක් වගේ නිදාගෙනම හිටපු චරිතයක්. වාක්ය දෙක තුනකින් කියන්න පුළුවන් විදියෙ ඉතාම කෙටි සරල දිවි පෙවෙතක් තිබුන කෙනෙක්.
උදේට අයන් කරල නැති පොඩි වෙච්ච Uniform එක ඇඳගෙන, සයිඩ් බෑග් එකත් එල්ලගෙන එන පියුම් පළවෙනි Period එකේම නිදාගන්නවා. බෑග් එකක් ගේනව කිව්වම ඔයාලා වැරදියට වටහගන්න එපා. ඌ ඒක අරගෙන ආවෙ කොට්ටය වශයෙන් පාවිච්චි කරන්න. ආයෙත් පියුම් නැගිටින්නෙ ඉන්ටවල් එකට. ඈනුමක් එහෙම ඇරල කැන්ටිමට ගිහිං (යනවා නෙවෙයි ඇත්තටම උගෙ කකුල් දෙක ඌව අරගෙන යනවා) මොනවහරි බඩට දාගෙන එන පියුම් ආයෙත් නිදියනවා. ආපහු ඇහැරුනේ එක හමාරෙ බෙල් එකට.
පියුම්ව නැගිට්ටලා තියන්න මුල් කාලෙදි හැම ගුරුවරයම උත්සාහ කරා. එහෙම වෙන්න එපැයි ඉතිං. හැබැයි කෙටි කාලයකින් හැම ගුරුවරයම වගේ පියුම්ගෙ විදියට හැඩ ගැහුන එකයි වුනේ. ඒ අතරින් එකම එක Teacher කෙනෙක්ගෙන් අපි කාටවත් බේරිලා ඉන්න බැරිවුනා. ඒ තමයි Accounting උගන්නපු තමරා Teacher. ඔබ පන්තිය Cut කරන්නේ Toilet එකේද, Library එකේද ආදිය තමරා මිස්ට අදාලම නෑ. ඉන්න තැනකින් ඇවිත් කන රත්වෙන්න දීල පන්තියට ඇදගෙන ගියා. ඉතිං පියුම්ටත් විශාල කැපකිරීමක් කරලා Accounting period එක වෙනුවෙන් විතරක් උගේ නින්ද කැපකරන්න වුනා.
අපි A/L ලිව්වා. ප්රථිපල ආවා. අපේ පන්තියෙ එකෙක්ට A එකයි W දෙකයි. ඔව්. ඒ පියුම්. උට ඇහැරිලා හිටපු Subject එකට A එකක් ඇවිත්. මං හිතන්නේ ඒක ටිකක් දුර්ලභ ප්රථිපලයක්. මොකද Exam එකකින් එක Subject එකක් විතරක් Pass වුනාම උට සාමාන්යයෙන් ඒකට S එකක් හරි C එකක් හරි තමයි එන්නෙ. ඒත් පියුමා ගත්තෙ A එකක්.
මට ඌව අවුරුදු 10කින් වත් හම්බෙලා නෑ. හැබැයි වැදගත් වැඩක් කරගෙන යද්දි නිදිමතක්, කම්මැලිකමක් ආවම මට මතක්වෙන යාලුවෙක් ඉන්නවා.
ඒ තමයි...
"පියුම් අනුරාධ"

No comments:

Post a Comment

Recent Post

ඩ්‍රැකියුලා

ඩ්‍රැකියුලා - Dracula මුලින්ම කියන්න ඕනෙ ඔබ අති සංවේදී අයෙකු නම් මේ කතාව කියවන්න එපා මේක වසර 2000 අග භාගයෙදි අපේ පාසල් නේවාසිකාගාරයේදි සිදු...