උපකාරක මිත්‍රයා - Upakaraka Mithraya
මෙහෙම පටන්ගමු. අපි A/L කරේ Commerce වලින්නෙ. ඉතිං ඔය Economics වලට තියෙනවා 'නිශ්පාදන ආර්ථිකය' කියලා පාඩමක්. කොච්චර උත්සාහ කරත් මට ඔය පාඩම තේරුම්ගන්න බැරිවුනා. මං ඒ ගැන හිටියෙ කණස්සල්ලෙන්. විභාගෙට තිබ්බෙ දින දෙකක් හෝ තුනක්. මං යාලුවට ඒක කිව්වම මාව එක්කන් ගියා අක්කා කෙනෙක් ළඟට. ඒ අක්කා පැයක් වගේ ඇතුලත මට පාඩම හොඳටම තේරුම් කරලා දුන්නා. මං පස්සෙ දැනගත්තා විභාගෙට කලින් යාලුවට තිබුන අවසාන පුද්ගලික පන්තියේ ඌට තියෙන පැය දෙකෙන් එකක් තමයි මං වෙනුවෙන් දුන්නෙ කියලා
"ගිණුම්කරණය" විශයයේ දෙවැනි Paper එකේ ප්රධානම සහ අනිවාර්ය ගාණ තමයි සමාගම් ගාණ. මට ඕක කරන්න වෙලාව මදි වුනා. ඒ වෙලාවෙ මං හිටපු මානසිකත්වය එක්ක මට හිතුනෙ මං Fail වෙයි කියලා. ඒ නිසා මං ඊළඟට තිබුන "Business studies" subject එක ගැන බලාපොරොත්තු අතෑරියා. ඔන්න ආවා උපකාරක මිත්රයා. කරලා ඉවර විශයය හිතින් අයින් කරලා ඊළඟට කරන්න තියෙන එක ගැන හිතන්න ඌ මාව යොමුකරා. විභාග කාලය පුරාම මාව වෙලාවට ඉස්කෝලෙ එක්කන් ගියා. මෙකී නොකී උපකාර ගොඩක් A/L කාලෙදි මට කරා
ප්රථිපල ආවා. මටයි යාලුවටයි දෙන්නටම තිබුනෙ එකම ප්රථිපලයක්. Z-score දශමෙක වෙනසක් නිසා අපි විශ්ව විද්යාල දෙකකට තේරුනා. යාලුවා Select වුනේ දුර පළාතක University එකකට. ඒ නිසා ඔහු විශ්ව විද්යාල ගමන අතෑරියා. අපි පාරවල් දෙකක් තෝරගත්තා. අද ඔහු රජයේ අධිනීතිඥවරයෙක්. පහනින් පහන් සිය ගානක් දැල්වුවත් ඒකෙ එළිය අඩුවෙන්නෙ නැති බව අදටත් ක්රියාවෙන් ඔප්පු කරන චරිතයක්
අද A/L results ආවා. හැමදාමත් වගේ ඉහලින්ම Pass වුන නංගිලා මල්ලිලා අම්මට, තාත්තට, පවුලේ අයට, ගුරුවරුන්ට ස්තූති කරනවා හෙට TV එකේ පත්තරේ යනවා. ඒක එහෙම වෙන්න ඕනෙ.
ඒත් කවදාකවත් ප්රසිද්ධියේ නොකියවුනාට, ඔය විභාග ප්රථිපල පිටිපස්සෙ මේ වගේ උපකාරක මිත්රයොත් අපි හැමෝටම ඉන්නවා. මේ කතාව අන්න ඒ සියලුම දෙනාට උපහාරයක්ම වේවා!
No comments:
Post a Comment