අඩෝ වන්නි හැපී බර්ත් ඩේ! - Happy Birthday Wanni PumuDu Perera
මං උඹ ගැන පොතක් ලියන ගමන් ඉන්නෙ. අද පොඩි උපුටාගැනීම් ටිකක් දෙන්නම් තෑග්ගක් විදියට.
Page no:13
ඔහු පාරිභෝගිකයින්ගෙන් කොපමණ විශ්වාසයක් ගොඩනඟාගෙන තිබුනේද කිවහොත්, උදේ පාසලට පැමිණීමට ඔහුට ආරක්ෂක උපක්රම පවා භාවිතා කිරීමට සිදුවිය. මුලින්ම උපාය දූතයෙකු පාසලට යවා තත්වය හොඳද යන්න සනාථ කරගැනීමෙන් පසුවයි වන්නි පාසලට පැමිණියේ.
Page no:19
ගහට පොත්ත වගේ, බල්ලට වලිගෙ වගේ, සීයට පඩික්කම වගේ වන්නිට නැතුවම බැරි දෙයක් ඇත. ඒ ඔහුගේ බෙහෙත් පෙට්ටියයි. කොහේ ගියත් මොහු බෙහෙත් පෙට්ටිය රැගෙන යාමට අමතක නොකරයි.
කොතරම් පරිස්සම් වුවත් මොහු සුවෙන් සිටි දවසක් මට මතක නැත.
ඕනෑම වැදගත් අවස්ථාවක හා....චිස් කියා කිවිසුමක් ඇර "සෙම බං" කීමට ඔහු අමතක නොකරයි
Page no:85
වන්නිගේ ඇත්ත නම ඔහුගේ මව පවා දන්නේ නැත. එක්කෝ මතක නැත. මේ 2007 වසරේ දිනෙක සිදුවූ දුරකථන සංවාදයකි.
මම :ගුඩ් මෝනින් ඇන්ටි. පුමුදු ඉන්නවද?
අම්මා :පුමුදු?
මම :වන්නි ඇන්ටි වන්නි
අම්මා :ආ...වන්නිද. පොඩ්ඩක් ඉන්න පුතා.
වන්නී...වන්නී...මෙන්න කෝල් එකක්
Page no:93 දෙවෙනි පරිච්ඡේදය
වන්නිගේ ගෙදර සුරතල් බල්ලාගේ නම ටිමීය. ටිමී ඔහුගේ ජන්මාන්තර සතුරෙකි. වන්නි පවුලේ එකම දරුවා වුනත් අම්මා සහ තාත්තා වැඩිපුර ආදරේ ටිමීටය. ටිමීට කෑම දීමෙන් පසු ඉතිරි වූ දෙයක් ඇත්නම් වන්නිටද කෑමට ලැබේ
Page no:114
වන්නි විටෙක කලහකාරයෙකි. මේ නිසා නැව් ගුටි කෑමට තිබූ අවස්ථා ගණනාවකදී නූලෙන් බේරීමට හැකිවුනේ පූරුවේ වාසනාවකටය.
දවසක් පාරේ යන කෙල්ලෙක්ට විහිලු කර ඇයගේ පියාගෙන් පැය කාලක පමණ බණ අසා ගුටි නොකා බේරුණෙමු.
දවසක් කැකිරාවෙ යන අතරතුර කෝච්චියේ ටික්කෙකුට පහරදීමට ගොස් අනූ නවයෙන් බේරුණමු.
කැකිරාවෙදිම වෙච්ච තව එකක් තියෙනවා ඒක මං මෙතන කියන්නේ නැත.
Page no: 125
අපි කලාවැවේ ගියෙමු. මගේ ගමේ යාලුවෙකුත් ඒ ගමනට ආවේය. අයිනක නවතා තිබූ ඔරුවක් අරගෙන අපි දියඹට ගියෙමු. වන්නි වතුරට බය පුද්ගලයෙකි. මේ වැව මැදදී වන්නිත් ගමේ යාලුවත් අතර ඇතිවූ සංවාදයකි.
වන්නි: මේ හරියෙ කොච්චර ගැඹුරුද බං?
ගමේ යාලුවා: අඩි 40ක් විතර
වන්නි: අවුලක් නෑ උඹ ඉතිං පුරුදු කාරයනෙ
ගමේ යාලුවා: පිස්සුද බං මං මේ පළවෙනි පාරට ඔරුවක් පදින්නෙ
ඇත්තමයි වන්නි ඒ වෙලාවෙ උඹේ අසරණ මූණ තාමත් මට මැවිලා පේනවා. සොරි!
ජයවේවා! සුභ උපන්දිනයක් වේවා! 

No comments:
Post a Comment