"අප්පච්චියි බෑග් එකයි" - Appachchi Bag Ekai
ශිෂ්යත්ව විභාගය ඉහලින් සමත්වීමේ වාසනාවට හෝ අවාසනාවට දුර පළාතක දරුවෙක් කොළඹ සුපිරි පාසලකට එනවා. මේ දරුවා ගෙදර යන්නෙ ටිකක් දිග නිවාඩුවකට හරි වාර අවසාන නිවාඩුවට හරි විතරයි.
ඉතිං ඒ යන එන ගමනෙදි පොත්පත්, ඇඳුම් එහෙම එක්ක ලොකු බර බෑග් එකක් උස්සගෙන යන්න වෙනවා. බස් එකෙන් බස් එකට මාරු වෙන්න වෙනවා. ඒ බර ගොඩක් වෙලාවට ඉස්සුවෙ දරුවගෙ අප්පච්චි. දරුවා ලොකු වෙනකල් අවුරුදු ගානක් අප්පච්චි ඒ බර උස්සනවා.
දරුවා ලොකු වුනාම එයාට ඕනෙ වෙනවා ඔහු පොඩි කාලෙදි තමන්ගෙ බර උස්සපු අප්පච්චිවයි තමන්වයි චිත්රනය කරා නම් මොන විදියට තියෙයිද කියලා බලන්න. ඒ නිසා ඔහුගේ මතකයේ ඇඳිලා තියෙන චිත්රය දරුවෙක්ගෙ මනසින් දකින විදියට නිර්මාණයක් කරවනවා.
මේ පහලින් තියෙන්නෙ ඒ නිර්මාණය. බර උස්සපු අප්පච්චිගෙ දහඩිය පිටකොටුව මරදාන පුංචි බොරැල්ල මාවත්වල, බස්වල වැටිලා මැකිලා ගියා. හැබැයි මැකිලා නොගිය මතකයක් එදා හිටපු ඒ දරුවා, අද මේ විදියෙ සටහනකට හරවනවා.

No comments:
Post a Comment