අද කතාව: "රුපියල් දහයේ ඔට්ටුව" - Rupiyal dahaye Ottuwa
ඉරිදා දවසක්. ගෙදර ගියපු යාලුවො ආපහු Hostel එකට එන දවස. යගුලියක තරමේ යකඩ බෝලයක් බිමින් තියලා, ඒක වැහෙන්න කාඩ්බෝඩ් පෙට්ටියක් තියලා, අවශ්ය ගොදුර එනකල් දෙවෙනි තට්ටුවෙ ඉඳන් මඟබලන් හිටියා
ඔන්න ඈතින් එනවා. කවුද???
ද වන් ඇන්ඩ් ඔන්ලි 'පරා'... Tharaka Manupriya
මචං උඹ මේ පෙට්ටිය අන්න අර කබඩ් දෙක මැද්දෙන් යන්න ගෝල් එක ගැහුවොත් උඹට රුපියල් දහයක් දෙනවා. මං කිව්වා
අරගෙන ආපු ඇඳුම් බෑග් එක එහෙම ඇඳ උඩට විසි කරපු පරා අභියෝගය භාරගත්තා. ගෝල් එක ගහන්න පොඩි ගැම්මක් ගන්න එපැයි. පරා අඩි දහයක් විතර පිටිපස්සට ගියා
ඒ පසින් මහ පොලව කම්පා කරමින් දිව එන පරාණෝය. මේ පසින් පෙට්ටියකින් වැසුනු යකඩ බෝලයාණෝය.
දුවගෙන ආපු පරා උපරිම වෙර දාලා ගැහුවා පෙට්ටියට පයින්.
ඌයි අම්මෝ.....
පරා බිම. ක්ශණිකව දකුණු කකුලේ මහපටඟිල්ල නිල්වන් පැහැයක් ගත්තා
කන පුරෝලා එකක් කන්න බලාගෙන එක්කගෙන ගියා ජයරුක් සර් ගාවට. ඒත් ගැහුවෙ නෑ. තමුසෙ වැඩේ කරා නම් ඇක්සිඩන්ට් වෝඩ් ගිහින් මේ ළමයට බෙහෙත් දාගෙනත් එනවා කිව්වා
නොන්ඩි කකුල... නිකං කකුල...
නොන්ඩි කකුල... නිකං කකුල...
අපි දෙන්නා පයින්ම මහ ඉස්පිරිතාලෙට ගිහිං බෙහෙත් දාගත්තා
ඒ පරා,
මට මේක මතක් වුනේ පහල තියෙන වීඩියෝ එක දැකලා.
මං නිසා උඹට සිද්ධවුන අකරතැබ්බ අපමණයි.
මට සමාවෙයන්!
No comments:
Post a Comment