අපිට පේන්න බැරි "ඛාන්"ලා දෙන්නෙක් - Apita Pennaberi Khanla Dennek
මේක විහිලුවක් වගේ පේන ඇත්ත කතාවක්
ඔහුට ඕනෙ වෙනවා කවදහරි ප්රීති සින්ටගෙ ආදරය දිනාගන්න. ඔහු ගහනවා Master Plan එකක්. ඒකෙදි ඔහු තීරණය කරනවා Cricket ගහලා National team එකට යන එක තමයි ඇයට ලංවෙන්න ලේසිම විදිය කියලා
මොහු පටන්ගන්නවා Cricket ගහන්න. වෙන කාටත් වැඩිය මහන්සියෙන් කැපවීමෙන් Cricket Practice කරපු මගෙ යාලුවා කොහොමහරි නාලන්දෙ Cricket "A" team එකටත් select වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔහු 2004 වගේ Cricket වලින් ඉන්දියාවේ තරඟ සංචාරයකටත් සහභාගි වෙනවා
කොයිම වෙලාවකවත් ඔහු ප්රීති සින්ටා හිමිකරගැනීමේ උත්සාහය අත් හැරියෙ නෑ. මෙහෙම ඉන්නකොට තමයි 2005දි මගේ මිත්රයාගේ දෛවය වෙනස් කරපු "සලාම් නමස්තේ" චිත්රපටිය ආවෙ
මේකේ සයිෆ් අලි ඛාන් විසින් ප්රීති සින්ටාව සිප වැළඳගැනීමේ දර්ශනයක් ඇතුලත්. මේක දැකපු මගේ යාලුවා ප්රීති ගැන ඉතාම කලකිරීමට පත්වුනා. ඒ වගේම සයිෆ් ගැන දැඩි කෝපයක් ඇතිකරගත්තා. කොච්චරද කියනවා නම් පිටකොටුවට ගිහින් නකල්ස් දෙකක් මිලදීගත්තා හම්බුන දවසක සයිෆ්ට දෙකක් නෙලන්න කියලා
අනේ!
ඔහු අර Cricket ජීවිතේටත් එහෙමම තිත තිබ්බා.
අනිත් සිද්ධිය වුනේ 2010දි. යුද්ධෙ ඉවරවෙලා එහෙම IIFA film awards ලංකාවෙ තියන්න සේරම සූදානම් වුනා. මේක යුද්ධෙන් පස්සෙ ලංකාව ගැන හොඳ Image එකක් ලෝකෙට දෙන්න අපූරු අවස්ථාවක් වුනා
ඒත් ශාරුක් ඛාන් IIFA awards වලට ලංකාවට එන එක ප්රතික්ෂේප කරා. ඔහු වගේ දැවැන්ත චරිතයක් ඒ වගේ තීරණයක් ගත්ත එක ලංකාවට මරු පහරක් වුණා. ඕකෙන් මට ශාරුක්ව ලෙල්ලටම එපා වුණා
2010 ඉඳන් අද වෙනකල් මං ශාරුක් ඉන්න කිසිම Film එකක් බලන්නෙ නෑ. TV එකේ ඔහු ඉන්න අවස්ථාවල මං Channel එක පවා මාරු කරනවා
කෝකටත් කියලා...
මේ Post එක දාන්න පොඩ්ඩකට කලින් මං හොඳම යාලුවට ගත්තා Call එකක්
මම: මචං උඹ සයිෆ් අලි ඛාන්ට සමාව දුන්නද?
යාලුවා: තාම නෑ මචං
මම: මං තාම ශාරුක් ඛාන්ට සමාව දීලත් නෑ බං

No comments:
Post a Comment