Search Here

Most Popular Post

Friday, 8 October 2021

The born entertainer - Episode 1

 The born entertainer - Episode 1

සයිමන් අයියයි මාටින් අයියයි හොඳම යාලුවෝ දෙන්නා...
පොඩි නර්තනයක් එක්කම සමීර මට ඒ සිංදුව කියල පෙන්නුවා කැළණිය විශ්වවිද්යාලයෙ ගල් පඩිපෙල උඩදි. ඒ තමයි Stage එක. මං බලාගෙන ඉන්නවා බංකුව උඩ ඉඳන්. ඒ තමයි Audience එක. වෙලාව රෑ 8යි
ඕක තමයි මචං මං ඊළඟ වටේට කියන්න හිතාගෙන ඉන්නෙ
මේ 2011. එතකොට මං ඒ සිංදුව අහල තිබුනෙවත් නෑ
උඹට වෙන තෝරගන්න සිංදුවක් තිබ්බෙම නැද්ද? මං එවෙලෙ ඇහුවා
හැබැයි සමීර මේ සිංදුව බය නැතුව Perform කරා. ඒක තමයි ඇත්තටම ඒ Round එකේ විතරක් නෙවෙයි මුළු Season එකේම ජනප්රියම සිංදුව වුනේ
"අනේ සමීර පුතේ/අයියෙ/මල්ලි, අර සයිමන් අයියයි මාටින් අයියයි සිංදුව පොඩ්ඩක් කියන්නකො" මට අප්රමාණ ඇහිල තියෙනවා
සංගීත ප්රසංගෙකට නැග්ග වෙලාවක "සයිමන් අයියයි මාටින් අයියයි ඕනේ..." Audience එක පැත්තෙන් කෑගහනවා මට ඇහිල තියෙනවා
පාරෙ යනකොට "ආහ් සයිමන් අයියා කොහොමද?" සමීරගෙන් මිනිස්සු අහනවා මං දැකල තියෙනවා
සමීර කිව්වට පස්සෙ Reality shows වල කට්ටිය මේ සිංදුව කියනවා මං අහල තියෙනවා
මිනිස්සු ඒ Performance එකෙන් entertain වෙලා කියලා මම දැනගන්නෙ ඕවයෙන්. හැබැයි ඒ සිංදුව කියලා මිනිස්සුන්ව entertain කරන්න පුළුවන් කියලා සමීර දැනගන්නෙ එයාගෙ imagination එකෙන්
ඊළඟ එක
හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි...
මං ජීවිතේට අහල තිබුනෙ නැති සිංදුවක්. ඇහුවම පිස්සුවක් වගේ. හැබැයි සමීර Reality show එකක මේ සිංදුව කියන්න ආසාවෙන් හිටියා. ඒත් බැරිවුනා.
ඒ නිසා සමීර මේ සිංදුව දෙනවා යාලුවෙකුට. දීලා නිකං හිටියෙ නෑ. මහ රෑ පාන්දර දෙක තුන වෙනකල් ඌව මේ Performance එකට Practice කරවනවා
අන්තිමට ඒ යාලුවා හිස් ටින් එකේ ජනප්රියත්වයෙන්ම තරුවක් වෙනවා. මේ සිංදුව ඒ කාලෙ රටේම කතාබහට ලක්වෙනවා. පත්තරේ යනවා. FB post හැදෙනවා. කොටින්ම පාර්ලිමේන්තුවේ මැති ඇමතිලටත් subject එකක් වෙනවා
මේ පුංචි රටට ඒක ලොකු entertainment එකක් වෙලා කියලා මං දැනගත්තෙ ඒවයින්. හැබැයි ඒ සිංදුව මිනිස්සු entertain කරයි කියලා සමීර දැනගත්තෙ එයාගෙ imagination එකෙන්
අදට මේ ඇති
සමීර තරඟ කරනවා මේ පාර The Voice Sri Lanka එකට. 1st round එකේ කියපු යාල්පානමෙන් සිංදුව මේ වෙද්දි Youtube හරහා ලක්ශ 20ක් නරඹලා තියෙනවා. දෙවැනි තුන්වෙනි වටවල කියපු සිංදුවලත් entertainment කියන එක උපරිමෙන්ම තිබුනා
මේ 10 වෙනිදා (එන ඉරිදා) සමීර Live round එකේ Perform කරනවා. අපි ඉරිදා රෑ 8.30ට සිරස TV බලමු. සමීරගෙ මේ පාර Performance එකෙන් ඇත්තටම ඔයාව Entertain වුනා නම්, ගෙදර හැමෝගෙම ජංගම දුරකථන වලින් සමීරට Vote එකක් දාන්න
ඒක "Thank you very much Sameera for entertaining us" කිව්වා හා සමානයි
පහලින් තියෙනවා Vote කරන විදිය. අපි දාන Vote එක, සමීරට මේ පුංචි රටේ මතක හිටින දෙයක් කරන්න ආශිර්වාදයක් වෙයි 🙏



No comments:

Post a Comment

Recent Post

ඩ්‍රැකියුලා

ඩ්‍රැකියුලා - Dracula මුලින්ම කියන්න ඕනෙ ඔබ අති සංවේදී අයෙකු නම් මේ කතාව කියවන්න එපා මේක වසර 2000 අග භාගයෙදි අපේ පාසල් නේවාසිකාගාරයේදි සිදු...