නමක් නැති නිමක් නැති කතාවක් - Namak Nethi Nimak Nethi Kathawak
සවස් යාමයකි. යුනියන් පෙදෙසෙහි බුර බුරා නැගෙන ගිනිදැල්වලින් දැවෙන වෙළඳ සංකීර්ණයකි
"අපොයි දෙවියනේ" යන්න පමණක් මුහුණේ ලියැවී තිබූ බලා සිටින්නන් සමූහයකි. ඒ අතරින්,
ඔහු අසලට පැමිණෙන තරුණයෙකි
"තාත්තෙ මතක නැද්ද අපි ගිය සතියෙ මේ Building එක විකිණුවනෙ"
මඳකින් සිහි එලවාගන්නා ඔහු සැනසුම් සුසුමක් හෙලමින් කඳුලු පිසදමමින් පුතාට වත්තම් වී එතැනින් පිටව යයි
ඒත් සමඟම වේගයෙන් පැමිණි සැප රථයකින් බැසගන්නා මැදිවියේ මිනිසෙකි
අනේ 'මගේ' Building එක...
කියමින් ඔලුවේ අත ගසාගත් ඔහු හැඬීමට පටන්ගනී
ඔහු Building එකේ වර්තමාන හිමිකරු බව මිනිසුන්ගේ කසු කුසුවෙන් තේරුම් ගතිමි
ප්රබන්ධයකි 
No comments:
Post a Comment