Search Here

Most Popular Post

Sunday, 17 October 2021

අලුත් ඉස්කෝලෙ පළවෙනි දවස

අලුත් ඉස්කෝලෙ පළවෙනි දවස - Aluth Iskole Palaweni Dawasa

අවුරුදු දහයෙ පුංචි මම ඇවිදගෙන ගියා 6-F පන්තියට. ගියා විතරයි ගැහුවා බෙල් එකක්. ගමේ ඉස්කෝලෙ වගේ මෙහෙ බෙල් එක ගහන්න අංකල් කෙනෙක් නෑ. ඉලෙක්ට්රික් බෙල් එකක් තමයි වදින්නෙ Periods වලට
ඉතිං ඒ බෙල් එක ගහපු ගමන් පන්තියෙ ළමයි සේරම එලියට බැහැලා පෝලිමක් හදාගත්තා. ඉස්සරහම ළමයා බෝඩ් එකක් උස්සගෙන හිටියා. ඒකේ ගහලා තිබ්බා 'Western Music' කියලා. මමත් අතට අහුවුන පොතක් අරගෙන පෝලිමේ අන්තිමට සෙට් වුනා
ඊටපස්සෙ ඔන්න Primary section එකේ ඉඳන් මැද ගේට්ටු දෙක Cross කරලා කෙලින්ම ගියේ ජිනේන්ද්රදාස මන්දිරයේ තිබුන Western Music room එකට
පියානෝ එකක් ඉස්සරහ තියාගෙන ග්රීක දෙවඟනක් පුටුවක වාඩිවෙලා හිටියා. ඒ තමයි Western Music ටීචර්. එච්චර ලස්සන ටීචර් කෙනෙක් මම ඒ දැක්කමයි
"හොඳයි ළමයි අපි අන්තිමට කරපු Song එක කට්ටියම එකතුවෙලා Sing කරමු"
My bonnie lies over the ocean...
My bonnie lies over the sea...
My bonnie lies over the ocean...
Oh bring back my bonnie to me...
ළමයි සේරම තාලෙකට සිංදුව කිව්වා. මෙලෝ හත්තිලව්වක් තේරුනේ නැති මම ඔහේ බලාගෙන හිටියා
"හරි ළමයි දැන් ගන්න ඔයාලගෙ Botany book එක"
ළමයි සේරම මොකද්දෝ අමුතු පොතක් ගත්තා. මං ගාව තිබ්බෙ ඉතිං නිකං අභ්යාස පොතක්. ටීචර් ඒක දැක්කා
"ඇයි Botany book එකක් නැද්ද?"
ටීචර් මගෙන් ඇහුවා
"ටීචර් එයා අලුත්"
මං වෙනුවට යාලුවෙක් උත්තර දුන්නා
පාඩම ඔහොම ඇදිලා ගියා. Period එකත් ඉවර වුනා
"ඔය ජාතියෙ පොතක් මට ගන්න තැනක් කියන්නකො"
මං වෙනුවට උත්තර දීපු යාලුවගෙන් ඇහුවා
'ප්රභාත්' එකේ බලන්න
(ඉස්කෝලෙ අල්ලපු වැටේ තියෙන කඩේ)
යාලුවා කිව්වා
මොනවද මේ Western Music?
මොනවද Botany books?
ප්රභාත් එක හොයාගන්නෙ කොහොමද?
ජූලියේ...මට නම් දැන් මෙහේ ඉන්නට බැරියෝ
ජූලියේ...යුරෝපෙ මට දැන් ඇතියෝ
ජූලියේ...දැන්මම අපි අකුලන් යමුදෝ
ගෙදර යං...ගෙදර යං...
ඔන්න ඕක තමයි අලුත් ඉස්කෝලෙට ගියපු පුංචි මට ආපු පළවෙනිම ෆීලින් එක 😃
ඔයිට අවුරුදු ගානකට පස්සෙ මට Western Music ටීචර් හම්බෙනවා සුපිරි වෙළඳ සංකීර්ණයකදි. එතකොට මං ඔය විස්තරේ ටීචර්ට මතක් කරනවා. ඒක ඉතාම රසවත් කතාබහක් වෙනවා
ටීචර් එදා මෙන්න මෙහෙම කියලා තමයි මගෙන් සමුගත්තෙ
Putha, you bring back my bonnie to me
නිමි.



No comments:

Post a Comment

Recent Post

ඩ්‍රැකියුලා

ඩ්‍රැකියුලා - Dracula මුලින්ම කියන්න ඕනෙ ඔබ අති සංවේදී අයෙකු නම් මේ කතාව කියවන්න එපා මේක වසර 2000 අග භාගයෙදි අපේ පාසල් නේවාසිකාගාරයේදි සිදු...