The born entertainer- Episode 2
නුගේගොඩ රොටරියට යන පාරෙ සමුද්රදේවී තාප්ප දෙක මැද්දෙ සමීරයි මමයි පොඩි රස්තියාදුවක හිටියා
ඔන්න බලපං මචං අර කෙල්ල ඇවිදින්නෙ මේ තාලෙට. ඇගෙ බඳ නැලවෙන තාලය සමීර මෙහෙම කියනවා
දොම් තක තක තක
දොම් තක තක තක
අඩෝ සිරාමයි බං... මම අවංකවම කිව්වා
දැන් බලපං මෙන්න මේ කෙල්ල දිහා. Class එක පරක්කු වෙලා ටිකක් හදිසියෙන් වගේ ඇවිදගෙන යන තරමක් කෙට්ටු යුවතියක් පෙන්නලා සමීර කියනවා
දිං තන දිං තන දිං තන දිං තන දිං තන
අඩෝ හරියටම හරිනෙ 
ඒ වගේ එක එක සීන් වල ඉඳන් ඇවිදගෙන යන අයට සමීර හරිම තාලය තියලා පෙන්නුවා. බැලුවම සරලයි. නමුත් මිනිසුන්ගෙ ප්රායෝගික ජීවිතය තුලින් entertainment එකක් නිර්මාණය කරන්න ඕනෙ මෙහෙම නෙවෙයිද?
තව කතාවකට හැරෙනවා මං
A/L කාලෙ සමීරයි මමයි ගෙදරක බෝඩ් වෙලා ඉඳන් Class ගියා
ඔන්න සමීර යනවා උදේට දත් මදින්න. කාමරේ ඉඳන් සාලෙ මැද්දෙන් ළිඳ ලඟට යන්නෙ මයිකල් ජැක්සන්ගෙ Moon walk එකෙන්. පස්සෙන් පස්සට තමයි ඇවිදගෙන යන්නෙ
හැමදාම ඒ වෙලාවට බෝඩිමේ අංකල් සාලෙ ඉඳන් TV බලනවා. පස්සෙන් පස්සට එන සමීරට අංකල්ව පේන්නෙ නෑ
හැබැයි "මූට අසනීපයක්වත්ද?" වගේ මාන්දමික බැල්මකින් සමීර දිහා බලාගෙන ඉන්න, මයිකල් ජැක්සන් ගැන හාන්කවිසියක් නොදන්න බෝඩිමේ අංකල්ව මට දැනුත් මැවිල පේනවා
සමීර කොහොමහරි Moon walk එක practice කරල කරලම පුරුදු වුනා. ඊටපස්සෙ ජනප්රිය ළමා ගායක හිමාශ මනුප්රියගෙ ගෙදර ගිහින්ම පොඩි එකාට Moon walk එක පුරුදු කරා
හිමාශ Little star වේදිකාවේ කිහිප සැරයක් Moon walk දානවා. රටක් entertain කරනවා. ඒ entertainment එකේ තිරය පිටුපස සමීරත් ගෑවිලා ඉන්නවා
වැදගත්ම කොටස ඊළඟට
Sirasa Voice live rounds වලින් වැඩිම මනාපයෙන් සමීරව ඉස්සරහට ගෙනාපු හැමෝටම ගොඩක් ස්තූතියි !
Live round-2 එකේ සමීර Perform කරනවා මේ 31st ඉරිදා අංක 8න්
කැමති ප්රමාණයක් Vote කරලා Next round එකට ගෙනියමු. The born entertainer- Episode 3 එක ළඟදිම ගේනකං.....

No comments:
Post a Comment