Search Here

Most Popular Post

Friday, 5 November 2021

The born entertainer- Episode 3


The born entertainer- Episode 3

මං මේ ලියන්නෙ සිංදුකාරයෙක් ගැන. දන්න කාලෙ ඉඳන් ඌ ජීවිතේ ගෙව්වෙ සිංදුවෙන්මයි
කන්න ගියත් බොන්න ගියත් නාන්න...අන්න හරි විශේෂයෙන්ම නාන්න ගියාම අනිවාර්යයෙන්ම ඌට සිංදුවක් කියන්න ඕනෙමයි
ඕයි කට වහගන්නවකෝ...
ගෙදර කෙනෙක් කිව්වම තමයි බාත් රෑම් එක පැත්තෙන් Volume අඩු වෙන්නෙ
මේක හිරිමල් වයසෙ කතාවක්. හරියට හිරිපොද වැස්ස වගේ 😊 ඔය කාලෙට අපි කවුරු කවුරුත් ගෙදරත් එක්ක පොඩි පොඩි වලි සීන් යනවනෙ
සමීරත් දාගත්තා වලියක්. ගියා ගෙදරින්. හෙව්වා වරුවක්. ඔන්න හොයාගත්තා. කොහෙන්ද? ජෝතිලගෙ Harith Asanka ගෙදරින්. එදා රෑ සමීර හිටියෙ එහෙ
ඌ උදේ නැගිටලා එහෙ මෙහෙ යයි කියලා බයට මං සමීර අවදිවෙන්න කලින්ම ජෝතිලගෙ ගෙදර ගියා. එහෙම කිව්වම ඔයාලා හිතුවෙ මං පාන්දරම එහෙ යන්න ඇති කියල නේද??? නෑ. මං දන්නවනෙ ඒ කාලෙ මූ නැගිටින්නෙ දවල් 1ට කියලා
ඉතිං ජෝතිට බායි කියලා සමීරත් එක්කන් පාරට බැස්සා. ඌ දන්නවා දැන් මං ආවෙ මොකද කියලා
ඒ නිසා...
උඹ ආවෙ මාව ගෙදර එක්කං යන්න නං ඒක වෙන්නෙ නෑ මචං මං ආයෙ ගෙදර යන්නෙ නෑ
ඌ මට කලින්ම කිව්වා
දැන් දෙන්නත් එක්ක ටවුන් හෝල් පැත්තට ඇවිදගෙන යනවා
මචං පිස්සෙක් වෙන්න එපා ගෙදර පලයං
බෑ මචං
ගෙදර යන්නෙ නැතුව උඹ මොනවද කරන්න හිතාගෙන ඉන්නෙ?
මට පුළුවන් දේ මං ආස දේ තමයි මචං සිංදු කියන එක. මං කුරුණෑගල පැත්තෙ ගිහිං බස්වල නැගල සිංදු කියනවා. මිනිස්සු මට කීය කීය හරි දෙයි
හරි යමං...
කොහෙද?
කුරුණෑගල
උඹ එන්නෙ ඇයි?
උඹ සිංදු කියද්දි රබාන ගහන්න
කොහොමහරි කුරුණෑගල බස් එකේ ගිහිං නාලාගිරිව මගදි දමනය කරලා කඩවත නවයෙ කණුවෙන් බස්සගෙන ගෙදර එක්කගෙන ගියා
මං එතනින් ඉගෙනගත්තෙ සමීරගෙ self confidence එක. අදටත් stage performance එකක් කරන්න ගියාම සමීරගෙ තියෙන්නෙ ඒ confidence level එක. ඌට ඌ ගැන තියෙන විශ්වාසෙ ඇරුනම වෙන කිසිම දෙයක් අදාලම නෑ
Sirasa Voice අවසාන 24 දෙනයි ඉන්නෙ. Next round සමීර sing කරන්නෙ නොවැම්බර් 13 ඊළඟ සෙනසුරාදා. 6ක් sing කරනවා. 4ක් ඉස්සරහට යනවා. ඒකෙන් 3ක්ම යන්නෙ SMS වලින්
ඒ නිසා මේ වටය ඉතාම තීරණාත්මකයි. හැකිතරම් Vote කරලා අපි සමීරව semi final ගෙනියමු!
Episode 4 එකෙන් හමුවෙනකල්...
චාඕ


No comments:

Post a Comment

Recent Post

ඩ්‍රැකියුලා

ඩ්‍රැකියුලා - Dracula මුලින්ම කියන්න ඕනෙ ඔබ අති සංවේදී අයෙකු නම් මේ කතාව කියවන්න එපා මේක වසර 2000 අග භාගයෙදි අපේ පාසල් නේවාසිකාගාරයේදි සිදු...