Search Here

Most Popular Post

Thursday, 11 November 2021

The born entertainer- Episode 4

The born entertainer- Episode 4

මේක බෝඩිමේ කතන්දරයක්
වෙලාව පාන්දර 2.30යි
චූ බරක් හැදිලා ඇහැරුන මට සාලෙ පැත්තෙන් මේ වගේ සද්දයක් ඇහුනා
පප් පා...ප පාපප්
ටන නම්නම් නම්... නම්
ටන නම්නම් නම්...නම්
ටන නම්නම් නම්... නම්... නම්...
ගිහින් බලද්දි සමීර earphones කනේ ගහන් "රුදුරු තුරු වදුලේ" සිංදුව අහනවා. අහන ගමන් Music orchestra එකක් හසුරවන විදියට අත්වලින් band එක හසුරුවනවා. සිංදුවෙ music parts කටින් පිටවෙනවා කියලා උට මීටර් නෑ
නිදාගන්නෙ නැද්ද බං?
අඩෝ මං හරි ආසයි බං කවදහරි කේමදාස මාස්ටර් වගේ instruments ගොඩක් පාවිච්චි කරලා නිර්මාණ කරන්න...
හරි බං දැන් නිදාගනිං
නිදාගැනීම කෙසේවෙතත් මූ හරියටම මාසයක් ඔය time එකට ඔය සිංදුවම ඇහුවා
බෝඩිමේ ඇන්ටිලා නිදියන කාමරේ තිබුනෙත් සාලෙ ගාවමයි. ඉතිං ඒ උදවිය කොහොමහරි මේ සද්ද බද්ද විඳ දරාගෙන හිටියා
ඒ විතරක්ද? නෑ අපෙන් ඒ මිනිස්සුන්ට බොහෝ කරදර සිද්ධ වුනා
මුලදි, බෝඩිමේ ඇන්ටි අපිට වෑංජන වෙන වෙනමයි, බත් වෙනමයි, හිස් පිඟන් දෙක වෙනමයි ආකාරයට කෑම ටික ඇරියා
ඒ ඇරපු කෑම බිංදුවක් ඉතිරි නොකර සේරම අපි කෑවා 😊 ඉතිං ඇන්ටිට තේරුනා වැඩේ පාඩුයි කියලා. ඊටපස්සෙ දෙන්නට වෙන වෙනම පිඟන් දෙකකට කෑම බෙදලම දුන්නා. අපිත් බෙදන ටික කාලා shape වුනා
මුලදි, දීපු තේ ටික බීල ඉවරුනාම ඇන්ටි අහනවා තව ඕනෙද කියලා. එහෙම අහපු හැමදාම අපි තව ඕනෙ කිව්වා 😊 පස්සෙ ඇන්ටි එහෙම අහන එක අතෑරියා
මුලදි, වතුර බිල එහෙම පොඩ්ඩක් අඩු කරගන්න අදහසින් ඇන්ටි අපිට කිව්වා shower එකෙන්ම නැතුව ළිඳෙනුත් නාන්න පුතාලා කියලා
මායි සමීරයි ඊටපස්සෙ ළිඳෙන් වතුර අදින එක සෙල්ලමක් කරගත්තා. ඉක්මනින්ම අදින එකා තමයි දිනුම්
පස්සෙ අපි ළිඳට වැටෙයි කියලයි බොලොක්කෙ කැඩෙයි කියලයි බයට ඇන්ටි කිව්වා පුතාලා ළිඳෙන් අදින්න ඕනෙ නෑනෙ මේ shower එකෙන්ම නාගන්න කියලා
කාලය ගෙවුනා. A/L ඉවර වුනා. අපි බෝඩිමෙන් යන දවස ආවා
ඔන්න අපි ඇඳුම්, පොත්පත්, අඩුම කුඩුම ටික බෑග් එකේ දාගෙන බෝඩිමෙන් යන්න සූදානම් වුනා. බෝඩිමේ ඇන්ටි දැන් හොඳටම අඬනවා. වැඳලා සමු අරගෙන අපි දෙන්නා පාරට බැස්සා
බෝඩිම නොපෙනී යන සීමාවට ගිහිං අවසාන වතාවට ආපහු හැරිලා බෝඩිම පැත්ත බලද්දි අපි දැක්කෙ තවමත් අඬමින් පාරට වෙලා අපි දෙන්න දිහා බලන් හිටපු ඇන්ටිව
පව් නේද බං ඇන්ටි??? එයාට ගොඩක් දුක ඇති අපි යන එකට. මං සමීරට කිව්වා
උඹට පිස්සුද බං. ඇන්ටි ඔය අඬන්නෙ සන්තෝසෙ වැඩිකමට
අඩෝ සිරාවට 🤪
හමුවෙමු Episode 5 එකෙන්
13 වෙනි සෙනසුරාදා රෑ 8.30ත් 9.15ත් අතරෙ TV 1 යොදා 7788ට හැකි තරම් Vote කරන්න. ගායනයට හැකියාවක් ඇති තරඟකරුවන් 35,000ක් අතරින් සමීර අවසාන 24ට ඇවිත් තියෙනවා. එතනින් ඉස්සරහට ගෙනියන එක ප්රේක්ෂක අපේ වැඩක්. එකතු වෙමු!



No comments:

Post a Comment

Recent Post

ඩ්‍රැකියුලා

ඩ්‍රැකියුලා - Dracula මුලින්ම කියන්න ඕනෙ ඔබ අති සංවේදී අයෙකු නම් මේ කතාව කියවන්න එපා මේක වසර 2000 අග භාගයෙදි අපේ පාසල් නේවාසිකාගාරයේදි සිදු...