Search Here

Most Popular Post

Wednesday, 17 November 2021

The born entertainer- Episode 5

The born entertainer- Episode 5

ඉස්සර අපේ පුරුද්ද තමයි හැමදාම හවසට පිල්ලෑව පන්සල් යන එක. පෝය දවසට විතරයි ගියේ නැත්තෙ සෙනඟ වැඩි නිසා. පන්සල තිබුනෙ බෝඩිමේ ඉඳන් පයින් යන දුර වගේ
හැමදාම පන්සල් යන නිසා බෝඩිමේ අංකල් දවසක් මෙහෙම ඇහුවා
ඇහුවට මුකුත් හිතන්න එපා. පුතාලා ඔය පන්සල්මද යන්නෙ???
ඔව් අංකල්...
එහෙනම් කමක් නෑ. මොකද අපේ පුතත් පන්සල් යනවයි කියල තමයි ගියේ...
අංකල්ගෙ පුතා පන්සල් යනවයි කියලා ගෙදරින් ගිහින් කෙල්ලෙක් එක්ක පැනලා ගියා කියලා පසුව අපිට දැනගන්න ලැබුනා 😊
පිල්ලෑව පන්සලේ නැති දේවාලයක් නෑ. සතර දේවාලවලට අමතරව කාලි අම්මද අරකද මේකද හැම එකක්ම තියෙනවා. මේ දේවාලවලට කොයිවෙලේ බැලුවත් සෙනඟ
මමයි සමීරයි පන්සලේදි හැමදාම වාඩිවෙන්නෙ ලියාපදිංචිගත ස්ථානයක. කවුරු මොන දේවාලෙන් එලියට බැස්සත් අපි ඉඳගෙන ඉන්න තැනට අනිවාර්යයෙන්ම ඇවිත් පළතුරු වට්ටිය අල්ලනවා. ඒක තමයි ඒ Strategic Location එකේ විශේෂත්වය
අපි ඒ කාලෙ මදි නොකියන්න දෙයියන්ගෙ පළතුරු කාලා තමයි ආපහු බෝඩිමට යන්නෙ. එච්චර පළතුරු කාලත් අදටත් අපි එදා වගේමයි. කැතයි 🤪
පිල්ලෑවට යන්න තියෙන්නෙ ලස්සන වෙල් යායක් මැද්දෙන්. කාලෙකට කොලම කොල පාටයි. කරල් පැහුනම කහම කහ පාටයි. ගොයම් කැපුවම ගමේ සෙට් එක එකතුවෙලා එල්ලෙ ගහනවා. අපි බලන් ඉන්නවා
පන්සල් ඉඩමට යාබද ඉඩමේ පොඩි ගෙදරක් තිබුනා. එතන අවුරුදු තිහක විතර තරුණයෙක් හැමදාම හවසට ලස්සනට බටනලාව වාදනය කරනවා
පහන් එලියයි, හඳුන්කූරු සුවඳයි, ගාථා සද්දෙයි කපාගෙන එන බටනලා වාදනය පන්සලටත් ඇහෙනවා. සමීරත් මමත් ඇහුම්කන් දෙනවා ආසාවෙන්. සමීර කියන්නෙ ඉස්කෝලෙ පෙරදිග සංගීත කණ්ඩායමේ හිටපු දක්ශ බටනලා වාදකයෙක්
2009දි ඉස්කෝලෙ වාණිජ දිනයට තේමා ගීතය කරන්න අවස්ථාව ලැබෙනවා. ජෝති Harith Asanka සහෝදරයගෙ පද මාලාවකට සමීරගෙ තනු නිර්මාණය සහ ගායනය එකතුවෙලා ලස්සන තේමා ගීතයක් එලියට එනවා. කවුරුත් "සීතල පිණි දිය" කියල හඳුන්වපු ඒ ගීතය වාණිජ දිනය දවසෙ සමීර ඇතුලු කණ්ඩායම ටවර් හෝල් වේදිකාව උඩ Perform කරනවා
සමීරගෙ දක්ශතාවය වැඩිදෙනෙක් ඇත්තටම හඳුනගන්නෙ මේ ගීතයත් එක්ක. ඒකෙ පද මාලාව පටන්ගන්නෙ මෙහෙමයි
'සීතල පිණිදිය ගොයමෙ වැටෙන සඳ වී කරලේ රැඳිලා...
නිල් යාය පුරා හමනා සුළඟත් වස්දඬු රාවෙට බැඳිලා'
සමීර ගායනා කරේ පද මාලාවම විතරක් නෙවෙයි. හොඳට බැලුවම ඌ ගායනය කරේ, සංගීතවත් කරේ අර පිල්ලෑවෙ සුන්දර අත්දැකීම් ටික නෙවෙයිද
හොඳයි... සමීර දැන් Sirasa Voice Sri lanka අවසාන 16ට ඇවිත් ඉවරයි. මින් ඉදිරියට ගෙනියන එක රැඳිලා තියෙන්නෙ සම්පූර්ණයෙන්ම ප්රේක්ෂක අපේ අතේ. මේ 21 වෙනි ඉරිදා අංක 3න් සමීර ඊළඟ ඉදිරිපත්කිරීම කරනවා. රෑ 8.30ට සිරස බලන්න. ඒක වෙනස්ම එකක්
TV 3 යොදා 7788ට හැකිතාක් SMS කරන්න. මේ ඔබගේ ආශිර්වාදය ඔහුට අවශ්යම මොහොතයි
Episode 6න් හමුවෙන තුරු...
චාඕ!



No comments:

Post a Comment

Recent Post

ඩ්‍රැකියුලා

ඩ්‍රැකියුලා - Dracula මුලින්ම කියන්න ඕනෙ ඔබ අති සංවේදී අයෙකු නම් මේ කතාව කියවන්න එපා මේක වසර 2000 අග භාගයෙදි අපේ පාසල් නේවාසිකාගාරයේදි සිදු...